Monday, June 4, 2012

ඔබේ ජාවා දැනුම කොහොමද? හැකිනම් විසඳන්න, ජාවා වලින් පොඩි ගැටළු කීපයක්..

මේවා ඇත්තටම ඉතාම සරල මට්ටමේ ජාවා ගැටළු කීපයක්.
ජාවා පිළිබඳ මූලික මට්ටමේ සිද්ධාන්ත පිළිබඳ ගැටළු..
නමුත් ආරම්භය සඳහා සරල ගැටළු කීපයක් ඉදිරිපත් කළත් ඉදිරියට තරමක් අමාරු ගැටළු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

පහත ගැටළුවලට ඔබේ පිළිතුර සටහන් කරන්න comment තීරය භාවිතා කරන්න.
කෙසේ වෙතත් නිවැරදි පිළිතුරු ඉක්මනින් පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.

වැඩසටහන් compile කර run කර බලා පිළිතුරු ලියා පලක් නැත.:-) .
Program එක කියවා බලා ප්‍රතිඵලය කීමට උත්සහ කරන්න. ප්‍රතිඵලයට හේතුව ද දක්වන්න.

1) පහත වැඩසටහන compile කර run කිරීමට උත්සහ කළහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?

class ABC {
public static void main ( String args [] ) {
for ( int i=0 ; i < 5 ; i++ ) {
switch (i) {
case 0 : System.out.print ("v" ) ; break ;
case 1 : System.out.print ("w" ) ; 
case 2 : System.out.print ("x" ) ; break ;
case 3 : System.out.print ("y" ) ; 
case 4 : System.out.print ("z" ) ; break ;
default : System.out.print ("d" ) ;
   }
  }
 }
}

2)  පහත වැඩසටහන compile කර run කිරීමට උත්සහ කළහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?

 class ABC {
 public static void main ( String args [] ) {
 System.out.print (String.valueOf (1) + String.valueOf (2) ) ;
String s1 = "S1" ;
String s2 = s1.toString ();
System.out.print ( " , " + ( s1==s2) ) ;
 }
}


3)   පහත වැඩසටහන compile කර run කිරීමට උත්සහ කළහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?

class A {
void m1 () {
System.out.print("A.m1" ) ; }
 }
class B extends A {
   void m1() {
   System.out.print("B.m1" ) ; }
   static void m1( String s ) {
   System.out.print(s + "," ) ; }
  }

class C {
public static void main ( String args [] ) {
B.m1("hi") ;
new B().m1() ;
 }
}

4) Compile errors ලබාදෙන්නේ පහත කුමන lines වලින්ද?

abstract class ABC {                                         // LINE 1
abstract  synchronized void m1 () ;                    // LINE2
abstract synchronized class B {}                       // LINE3
synchronized class C extends B { }                   // LINE4
}

5) පහත වැඩසටහන compile කර run කිරීමට උත්සහ කළහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද?

import java.io.Serializable ;
class ABC {
public static void main ( String args [] ) {
int [] i = { 1, 2 , 3 } ;
Serializable  s = i ;
i = ( int [] ) s ;
 }
}

ගැටළුවලට නිවැරදි පිළිතුරු විස්තරාත්මකව මෙතනින්.





















2 comments:

  1. 1)vwxxyzz (ලේසියි )
    2)12,true (= = නොව == යැයි සලකා කොම්පයිලර් ඔප්ටිමයිසේසන් කියන්නෙ මේකට බාවිතා කරපු ස්ට්‍රින්ග් එක ඉමියුට් උනේ නැති හින්දා කලින් තැනටමයි පොයිට් වෙලා තියෙන්නේ )
    3)hi,B.m1 (ඉන්හෙරිටන්ස් ලමයෝ ඉන්හෙරිටන්ස්)
    4)2,3,4 JLS බලුවනම් හරි 2 ලයින් එකනම් ට්‍රිකී .. නමුත් පොඩ්ඩක් දෙපැත්තට හිතුවාම හරි
    5)ප්‍රිමිටිව් ඇරේස් ආ සීරියලයිසබල් අවුලක් නෑ නේ

    ReplyDelete
    Replies
    1. එළකිරි මචන්. thumbs up.ඕං ඉතින් = = එකේ space එක අයින් කළා.thanks for showing the mistake.

      Delete