Tuesday, July 24, 2012

1. Hibernate කියන්නේ මොකක්ද?

Hibernate කියන්නේ ORM Framework එකක්. 

ORM Framework කියන්නේ මොකක්ද?

ORM Framework එකක් යනු object-relational mapping සිදුකරන framework එකක්.

අපි දන්නවා java වගේ object oriented language එකකින් අපි web application එකක් හදන කොට objects හදනවා.ඒ objects වලට attributes තියෙනවා.

උදාහරණයක් විදිහට Employee කියලා class එකකින් සාදන employee  object එකක් සළකමු. මේ object එකට empId, firstName, lastName, salary වගේ attributes තියෙනවා.

දැන් මේ හදන objects,  database එකේ තියෙන්නේ කොහොමද?  employee කියලා table එකක් තියෙනවා. එහි  columns විදිහට තියෙනවා emp_id, first_name, last_name, salary  වගේ දේවල්.


දැන් මේ language එකෙන් නිර්මාණය වුනු  objects සහ එහි  attributes , database එකේ table එකට සහ columns වලට map කිරීම කළ යුතුය.


මෙය සිදු කරන්නේ Hibernate ORM Framework එකෙන්.


                       - මෙහි class එක map වෙන්නේ table එකකට.


                       - මෙහිදී එක object එකක් table එකේ row එකකින් නිරූපණය වෙනවා.


                        - object එකේ attributes, map වෙන්නේ table එකේ columns වලට.


                         - ඒ වගේම java data types, map වෙනවා sql data types වලට.



Hibernate 4 version එක නිකුත් වුනේ පසුගිය 2011 දෙසැම්බරයේදී.  එහි අලුත්ම version එක වෙන්නේ 2012 ජූලි නිකුත් වුන  Hibernate 4.1.5.


iBATIS,  Toplink, Open JPA කියන්නේ තවත් ජනප්‍රිය ORM frameworks.

Web Application එකකට Hibernate යොදා ගැනීමේදී මූලික වශයෙන් hibernate configuration file එකකුත් (hibernate.cfg.xml) සහ Hibernate Mapping files  (උදා:employee.hbm.xml ) සෑදිය යුතුය.

ඉදිරි ලිපිවලින් Hibernate configurations, Hibernate mapping ආදිය සිදු කරන අයුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.








.

2 comments:

  1. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  2. වැදගත් ලිපියක්..හොද බ්ලොග් එකක්!

    ReplyDelete