Tuesday, July 24, 2012

3. Hibernate, configuration කරන්නේ කොහොමද?


මේ සඳහා වෙනම configuration file එකක් ලිවීමට පුළුවන්.
(hibernate.cfg.xml)

xml file එකක් වෙනුවට properties file එකකිනුත් hibernate configurations ලබාදිය හැක.

නැත්නම් මේ configuration details , spring-config.xml වැනි configuration file එකකට ඇතුළත් කරන්නත් පුළුවන්.
(Hibernate සහ spring ,integrate කරන project එකකදී)

 hibernate.cfg.xml file එකක් පහත දැක්වෙයි.

<?xml version=‘1.0’ encoding=‘UTF-8’?>

<!DOCTYPE hibernate-configuration PUBLIC
“-//Hibernate/Hibernate Configuration DTD 3.0//EN”
“http://hibernate.sourceforge.net/hibernate-configuration-3.0.dtd”>

<hibernate-configuration>

<session-factory>

<!-- Database connection settings -->
               

<property name=“connection.driver_class”>com.mysql.jdbc.Driver
</property>

<property name=“connection.url”>jdbc:mysql://localhost/firsthibernate
</property>

<property name=“connection.username”>root</property>
  
               <property name=“connection.password”>root</property> 

    
<!--sql dialect-->

<property name=“dialect”>org.hibernate.dialect.MySQLDialect</property>

<!-- Echo all executed SQL to stdout -->
                   
                  <property name=“show_sql”>true</property>

                <property name="hibernate.connection.pool_size">10</property>  

                   <!-- mapping සිදු කරන්නේ annotations මඟින් නම් -->     
       
<mapping class="employee.Employee" />

<!-- mapping සිදු කරන්නේ xml මඟින් නම් -->

<mapping resource="employee.Employee.hbm.xml" />



</session-factory>

</hibernate-configuration>

දැන් මේ configuration details විස්තර සහිතව සළකා බලමු.



 පළමු properties හතරෙන් දැක්වෙන්නේ MySQL database connection එක සඳහා අවශ්‍යය 

configurationsවෙයි.


driver_class යනු කුමක්ද? DBMS එකට අදාළ JDBC driver class එකයි. 
උදා: com.mysql.jdbc.Driver, org.postgresql.Driver,  
oracle.jdbc.driver.OracleDriver

url එක මඟින් database path එක දිය යුතුය.username, password යනු database එකට connect වීම
සඳහා දිය යුතු username password වෙයි.

dialect යනු hibernate මඟින් generate කළයුතු specific sql variant එකයි. Database එකට අදාළ sql ,
generateකිරීම සඳහා මෙය ලබාදිය යුතුය. උදා: org.hibernate.dialect.MySQLDialect, 
org.hibernate.dialect.PostgreSQLDialect, org.hibernate.dialect.OracleDialect ,
org.hibernate.dialect.SQLServerDialect

show_sql යන්න true කර ඇත්නම් console window එකට සියළු sql command ලබාදෙයි.


pool_size යනු hibernate database connection pool එකේ ඇති උපරිම waiting connections 
ගණනයි.

අවසන mapping files ඇති තැන ලබා දී ඇත.

මීලඟ ලිපියෙන් hibernate mapping files ලියන අයුරු.


Hibernate ලිපි පෙළ

1. Hibernate කියන්නේ මොකක්ද? 

2. Hibernate භාවිතා කිරීමේ වාසි මොනවාද?
3. Hibernate, configuration කරන්නේ කොහොමද?









No comments:

Post a Comment