Tuesday, March 22, 2011

JDBC සමඟ MySQL එකට කලතා...

JDBC කියන්නේ මොකද්ද?

JDBC Technology කියන්නේ API එකක්. මේක J2SE වල වගේම J2EE වලත් ඇතුලත්.මේකෙන් Database වලට connection එක ලබාදීම සිදු කරනවා.

එතකොට MySQL කියන්නේ?

MySQL කියන්නේ Open Source Database Software එකක්.වර්තමාන ලෝකයේ ජනප්‍රියතම Open Source Database Software එක කියලා හැඳින්නුවත් වැරදි නැහැ.

Database වල ඇති data manipulate කරගන්න පුළුවන් java programs ලියන්න මේ JDBC නිසා පුළුවන්කම ලැබෙනවා.

මෙම JDBC Driver එක MySQL වෙබ් සයිට් එකෙන් download කරගන්න පුලුවන්.මෙන්න ලින්ක් එක..
http://www.mysql.com/products/connector/

දැනට භාවිත වන Connector version එක වන්නේ
mysql-connector-java-5.1.13-bin යන්නයි.

මෙම Connector එක අපේ NetBeans Project එකට add කරගන්නේ කොහොමද?

NetBeans Project එකේ Libraries යන්න right click කරන්න.ඉන් ලැබෙන menu එකෙන් add jar file යන්න select කරන්න.එවිට ලැබෙන dialog box එකෙන් Connector file එක ඇති තැන Browse කර add කරන්න.



Database එකක් manipulate කරන්නට JDBC භාවිතා කිරීමේදී ප්‍රධාන පියවර 5 ක් තියෙනවා.

1.JDBC driver classes load කරගැනීම සහ register කරගැනීම (භාවිතා කිරීමට බලාපොරොත්තු වන database server එක සඳහා )
2.database server එකට ඇති connection එක represent කිරීම සඳහා connection object එකක් ලබාගැනීම
3.Statement objects එකක් හෝ කීපයක් ලබාගැනීම
4.Statement objects භාවිතයෙන් database එක manipulate කිරීම
5.Database connection එක close කිරීම


පියවර 1.....

1.JDBC driver classes load කරගැනීම සහ register කරගැනීම සිදු කරන්නේ කොහොමද?

පහත code එක මඟින් සිදු කරන්නේ MySQL driver classes java program එක සමඟ register කර ගැනීමයි.මෙමඟින් MySQL server එකේ ඇති data, manipulate කිරීමේ හැකියාව program එකට ලබාදෙයි.

Class.forName("com.mysql.jdbc.Driver");

දෙවනුව database server එකේ URL එක ලබාදිය යුතුය.

String url= "jdbc:mysql://localhost:3306/myDB";

MySQL database engine එක network එකේ server එකක් ලෙස හැසිරෙයි. එමනිසා මේවා හඳුනා ගැනෙන්නේ URL එකක් මගිනි.

මෙහි 3306 ලෙස සඳහන් වන්නේ default port number එකයි.

myDB නම් database එක residing වී ඇත්තේ localhost එකේය.


පියවර 2....

Connection object එක ලබා ගැනීම....

Connection con= DriverManager.getConnection(url,"root","123");

මෙහිදී අදාල URL එකේ ඇති database සඳහා Connection එකක් ලබාගැනීම සිදු කරයි.

මෙහි root යනු username එකයි.
123 යනු password එකයි.


root යනු default adminstrator user වේ.

(administrator privileges ඇත.)

පියවර 3....

Statement objects ලබාගැනීම

මෙය සිදු කරන්නේ Connection Interface එකේ ඇති createStatement එක මඟිනි.

Statement stmp = con.createStatement();

මෙහි con යනු Connection object එකයි.

(Connection object එකෙන් සිදු කරන්නේ අදාල database එක සමඟ connection එකක් (session)නිර්මාණය කර ගැනීමයි.

1 comment: