Friday, July 27, 2012

9. Hibernate සහ Spring, integrate කරමු.



මෙහි ප්‍රධාන පියවර දෙකකි.
1. HibernateTemplate එක Spring හි declare කිරීම
2. එයට SessionFactory  එක සම්බන්ධ කිරීම


-----------------------------------------------



Spring වල ඇති HibernateTemplate, Hibernate session සඳහා වඩා abstract layer එකක් ලබාදෙයි.

HibernateTemplate හි ප්‍රධානම කාර්යය වන්නේ Hibernate sessions open කිරීම සහ close කිරීමේ වැඩ සරල කිරීම සහ Hibernate-specific exceptions, Spring ORM exceptions බවට පත් කිරීමයි.

[Hibernate 2 ට අදාළව නම් මෙය Checked Hibernate exception එක, Unchecked Hibernate Exception එකක් බවට පත් කිරීමයි.

HibernateTemplate එක Spring හි configure කරන ආකාරය පහත xml එකේ දැක්වෙයි.


<bean id="hibernateTemplate"

class="org.springframework.orm.hibernate3.HibernateTemplate">
 <property name="sessionFactory" ref="sessionFactory" />
</bean>




---------------------------------------------------------


Hibernate Session Object එකක් සඳහා reference එකක් ලබාගැනීමේ සම්මත ක්‍රමය වන්නේ Hibernate හි Session Factory Interface එකේ implementation එකක් හරහාය.

Hibernate sessions, open කිරීම, close කිරීම සහ manage කිරීම Session Factory හි වගකීමයි.

පළමු කාර්යය වන්නේ Hibernate Session Factory Bean එක Spring වල configure කිරීමයි. 


Classes, tables map කරන්නේ annotations මඟින් නම් මෙම Hibernate Session Factory instance එක ලබා දෙන්නේ AnnotationSessionFactory Bean එක මඟිනි.

Mappings සිදු කරන්නේ xml මඟින් නම් මෙය සිදු කරන්නේ LocalSessionFactoryBean මඟිනි.


<bean id="sessionFactory"

class="org.springframework.orm.hibernate3.annotation.AnnotationSessionFactoryBean">
 <property name="dataSource" ref="dataSource" />
 <property name="annotatedClasses">
  <list>
   <value>hibernate.Employee</value>
  </list>
 </property>
 <property name="hibernateProperties">
  <props>
   <prop key="hibernate.dialect">org.hibernate.dialect.MySQLDialect</prop>
   <prop key="show_sql">true</prop>
  </props>
 </property>
</bean>

-------------------------------------------------------------------



දැන් HibernateTemplate එක Declare කරලා අවසන්.
එලෙසම එය SessionFactory එකට සම්බන්ධ කර තියෙන්නේ.

දැන් අප සූදානම් Database එකට data persist කරන්නට සහ එයින් data retrieve කරන්නට.








No comments:

Post a Comment